Friday, November 08, 2024
Follow Us
 මහව සිට ඕමන්ත දක්වා දුම්රිය මාර්ගයේ නවීකරණයට  පෙර

ඉදිකිරීම් ආරම්භ කිරීමට නියමිත මහව සිට ඕමන්ත දක්වා දුම්රිය මාර්ගයේ නවීකරණ කටයුතු ආරම්භ කිරීමට පෙර ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ගොපාල් බාග්ලේ මහතා ඇතුළු නිලධාරීන් අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධි සමිඳුන් අබියස ආගමික වතාවත්වල නිරත වූහ.

 

බුදු දහම කේන්ද්‍ර කරගනිමින් ඉතිහාසයේ පටන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින දැඩි මිත්‍ර සබඳතාවය තව තවත් ශක්තිමත් කර ගැනීමටත්, පොදු ජනතාවට වඩාත් කාර්යක්ෂම ප්‍රවාහන සේවාවක් සැපයීමටත් මෙම ව්‍යාපෘතිය ඉවහල් වනු ඇති බව නායක හිමිපාණන් වහන්සේ මෙම අවස්ථාවේදී අනුශාසනා කළහ.
.