Friday, November 08, 2024
Follow Us
දහම් පාසල් ගුරුවරුන්ට 3800කට නව තනතුරක්

මැතිවරණ නීතියට ගරු කරමින් දහම් පාසල් ගුරුවරුන් සඳහා සාම විනිසුරු තනතුරු ලබාදීම වෙනුවෙන් සංවිධානය කර තිබු උත්සවය අවලංගු කිරීමට පියවර ගත් බව අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

 

වසර 10 කට වඩා වැඩි කාලයක් දහම් පාසල් ගුරු භවතුන් ලෙස කටයුතු කරන ලද ගුරුවරුන්ට කරනු ලබන ගෞරවයක් ලෙස එවැනි ගුරුවරුන් 3800 කට පමණ සාම විනිසුරු තනතුරු පිරි නැමීමේ උත්සවයක් ලබන ජනවාරි 13 අරලියගහ මන්දිරයේදී පැවැත්වීමට සංවිධානය කර තිබුණු බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

එම ගුරුවරුන්ගේ සාම විනිසුරු පත්වීම් ලිපි තැපැල් මගින් ඔවුන් වෙත යොමු කිරීමට පියවර ගෙන තිබේ.