බිත්තර ලක්ෂ 8ක ප්‍රමාණයක් අද කොළඹට රැගෙන එන බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි.
කොළඹ සියලු ආර්ථික මධ්‍යස්ථාන වෙත රුපියල් 53කට බිත්තර ලබාදීමට කටයුතු කරන බවයි එහි සභාපති සරත් රත්නායක සඳහන් කළේ
අද දිනයේ කොළඹ රිඡ්වේ ආර්යා ළමා රෝහලට අවශ්‍ය බිත්තර නොමිලේ ලබාදීමට තීරණය කර ඇති බවත් ඉදිරියේදී රු.55ට අඩුවෙන් ජනතාවට බිත්තර ලබා දීමට කටයුතු කරන බවත් මාධ්‍ය හමුවකට එක්වෙමින් රත්නායක මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි.