වර්ෂ අවසාන සාද සම්බන්ධයෙන් සම්බන්ධයෙන් පොලිසිය විශේෂ අවධානයකින් කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.
ඔහු මේ බව ප්‍රකාශ කළේ, ඊයේ (22 )පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
මේ වන විට දිවයින පුරා සීග්‍රයෙන් පැතිර යන අයිස් මත්ද්‍රව්‍ය භාවිතය අවම කිරීම සඳහා මෙම සාද කෙරෙහි එලෙස විශේෂ අවධානය යොමු කර ඇති බවයි ඔහු වැඩිදුරත් සඳහන් කලේ.
විශේෂයෙන් වර්ෂ අවසාන සාදවලදී මත්ද්‍රව්‍ය භාවිත කරන පුද්ගලයින් සහ එවැනි සාද සංවිධානය කරන පුද්ගලයින් පිළිබඳව පොලීසිය වැඩි සැලකිල්ලකින් බුද්ධි තොරතුරු ලබා ගැනීම මේ වන විටත් ආරම්භ කර ඇති බවත් මේ වන විටත් එවැනි මත් සාද පැවැත්වෙන ස්ථාන කිහිපයක් පිළිබඳව තොරතුරු ලැබී ඇති බවත් එම ස්ථාන වටලා ඔවුන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
Aruna