Friday, November 08, 2024
Follow Us
තවත් භාණ්ඩ වර්ග 10 ක ආනයන සීමා ඉවතට

සංචාරක, ආරක්ෂක සහ ක්‍රීඩා ක්ෂේත්‍රයට අදාළ තවත් භාණ්ඩ වර්ග 10ක ආනයන සීමා ඉවත් කිරීමට මුදල් අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.

සංචාරක කර්මාන්තය සඳහා අවශ්‍ය ශක්තිජනක පාන, සීසීටීවී කැමරා පද්ධති උපකරණ, ගෘහ භාණ්ඩ නිශ්පාදනය සඳහා අවශ්‍ය තුනී ලෑලි සහ ක්‍රීඩා උපකරණ එම භාණ්ඩ වර්ග අතර වන බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පැවසුවේ.

ආනයන සීමා ලිහිල් කරන භාණ්ඩ මඟින් අදාළ ක්ෂේත්‍රයන්ට පහසුකම් හිමි වන්නේද යන්න පිළිබඳ සොයා බලන බවද මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය වැඩිදුරටත් සඳහන් කළා.

Neth