පසුගියදා පාර්ලිමේන්තුවේදී සම්මත වූ දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පතට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද සිය සහතිකය සටහන් කළා.
ඒ අනුව 2022 එම පනත් කෙටුම්පත 2022 අංක 45 දරණ දේශීය ආදායම් සංශෝධන පනත ලෙස අද සිට බලාත්මක වන බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.
පසුගිය නව වනදා එම පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදයෙන් අනතුරුව පැවති ඡන්ද විමසීමේදී ඊට පක්ෂව ඡන්ද 83ක් ලැබුණු අතර විරුද්ධව ලැබුණේ ඡන්ද 41ක් පමණයි. පනත් කෙටුම්පත තුන්වන වර කියවීම සඳහාද විරුද්ධ පක්ෂය ඡන්ද විමසීමක් ඉල්ලා සිටි අතර එහිදී පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද හැත්තෑ නවයක් සහ විරුද්ධව ඡන්ද 36ක් හිමි වුණා.
Neth