Friday, November 08, 2024
Follow Us
හමුදා සේවය හැරයන්න 18,202ක් සූදානමින්

සේවයට වාර්තා නොකර සිටින ත්‍රිවිධ හමුදා සාමාජිකයින් හට නීත්‍යානුකූලව සේවයෙන් ඉවත්වීම සදහා ලබාදී ඇති පොදු සමාකාලය තුළ මේ වන විට ත්‍රිවිධ හමුදා සාමාජිකයන් 18,202ක් සේවයෙන් ඉවත්වීමට ඉදිරිපත්ව ඇතැයි ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව යුද හමුදාවේ 16,174ක්, නාවික හමුදාවේ 1,061ක්, ගුවන් හමුදාවේ 967ක් සේවයෙන් ඉවත්වීමට ඉදිරිපත්ව ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරයි.

 

පසුගිය නොවැම්බර් මස 15වැනිදා සිට දෙසැම්බර් මස 31 දක්වා පොදු සමාකාලය ප්‍රකාශයට පත් කර තිබේ.

Aruna