ආණ්ඩුවේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ ලබන වසරේ ජනවාරි මස 15 වන දාට පෙර නව කැබිනට් ඇමතිවරුන්, පළාත් ආණ්ඩුකාරවරුන් සහ නව තානාපතිවරුන් පත්කිරීමක් සිදු නොවනු ඇති බවයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් අපේක්ෂා කළ ණය ලබා දීම ප්‍රමාදවීම මේ තත්ත්වයට එක් හේතුවක් බව කියනු ලැබේ.
රජයේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ ලබන වසරේ ජනවාරි මස 15 වන දා වන විට එම ණය ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බව ය.
එමෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් කැබිනට් හා රාජ්‍ය ඇමතිවරුන් ලෙස පත් කළ යුතු අයගේ ලැයිස්තුවක් එම පක්ෂයේ ලේකම්වරයා දෙවරක් ම ලබා දී ඇතත් එම ලැයිස්තුවට මෙතෙක් අනුමැතිය ලැබී නැති බව ද වාර්තා වේ.
මේ වන විට ආණ්ඩුකාරවරුන්ගේ සේවා කාල සීමාව අවසන් වී ඇතත් අලුතින් ඒ සඳහා පත් කරන අයගේ ලැයිස්තුව සම්බන්ධ මෙතෙක් අවසන් නිගමනයකට නොපැමිණ තිබෙන බව ද දැනගන්නට තිබේ.
කෙසේ වෙතත් පොහොට්ටුව පාලන කාලයේදී පත් කරනු ලැබූ ආණ්ඩුකාරවරුන්ගෙන් පස්දෙනෙකු තවදුරටත් සේවය සඳහා පත් කිරීමට පොහොට්ටුව යෝජනා කර තිබූ අතර ඔවුන් පත් කිරීමට එකඟතාවක් මුලදී පැවැතිණි. එජාපය නියෝජනය කරන හතරදෙනාගේ නම් ද මේ වන විට ප්‍රකාශයට පත්ව ඇත.
Aruna