Saturday, November 09, 2024
Follow Us
පහ ශ්‍රේණිය උපකාරක පංති පැවැත්වීම අද මැදියම් රැයේ සිට තහනම්

මෙවර 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළව උපකාරක පන්ති පැවැත්වීම අද මධ්‍යම රාත්‍රී 12 සිට තහනම් බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

විභාග කොමසාරිස් ජනරාල් එල් එම් ඩී ධර්මසේන පැවසුවේ එම තහනම විභාගය අවසන් වන තෙක් ක්‍රියාත්මක බවයි. ඒ අනුව එම කාලය තුළ විභාග ප්‍රශ්නපත්‍රවල ප්‍රශ්න ලබා දෙන බවට හෝ ඒ හා සමාන ප්‍රශ්න ලබා දෙන බවට පෝස්ටර්, බැනර්, අත්පත්‍රිකා, විද්්‍යුත්, මුද්‍රිත මාධ්‍ය මඟින් හෝ සමාජ මාධ්‍යජාලා මඟින් ප්‍රසිද්ධ කිරීම මෙන්ම එවැනි දේ ළඟ තබා ගැනීම සම්පූර්ණයෙන්ම තහනම් වනවා.

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ලබන 18 වනදා පැවැත්වීමට නියමිතයි. ඒ සඳහා මේ වන විටත් අවශ්‍ය සියලු කටයුතු සම්පාදනය කර ඇති බවයි විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.


Neth