Wednesday, July 16, 2025
Follow Us
සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ 5ක මිල ගණන් අඩුකරයි

අද (14) සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ 5ක මිල ගණන් අඩුකර තිබේ.

ඒ අනුව පරිප්පු කිලෝවක් රුපියල් 4කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 385කි.

 

පාන්පිටි කිලෝවක් රුපියල් 15කින් පහළ දමා ඇති අතර, නව මිල රුපියල් 250කි.

 

මේ අතර සුදුළූණු කිලෝවක් රු 35කින් පහත දමා ඇති අතර නව මිල රුපියල් 460කි.

 

ලොකුලූණු කිලෝවක් රුපියල් 9කින් පහළ දමා ඇති අතර එහි නව මිල රු 190ක් වන අතර ලංකාවේ නිෂ්පාදිත ටින් මාළු රුපියල් 5කින් පහත දමා ඇත. එහි නව මිල රුපියල් 490කි.

 

මේ අතර ඉදිරි සතිය තුළ අත්‍යව්‍යශ භාණ්ඩ මිල තවත් පහත දැමීමට බලාපොරොත්තු වන බව වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු පවසයි.

 

ඊයේ (13) අරලියගහ මන්දිරයේ පැවති උත්සවයකින් පසුව අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේය.

 

Aruna