Saturday, February 14, 2026
Follow Us
බිත්තර උපරිම මිල ගැන ගැසට්ටුව අත්හිටුවයි

බිත්තර සඳහා උපරිම මිලක් නියම කරමින් පාරිභෝගික සේවා අධිකාරිය විසින් නිකුත් කළ ගැසට් නිවේදනය අත්හිටුවීමට තීන්දු කළ අභියාචනාධිකරණය බිත්තර සඳහා වන උපරිම මිලක් අද (14) දිනය තුළ නියම කරන ලෙස එම අධිකාරියට නියෝග කළේය.

බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය විසින් ඉදිරිපත් කළ පෙත්සම අද යළි සළකා බැලීමෙන් අනතුරුව අධිකරණය එම නියෝගය ලබාදුන්නේය.

පෙත්සම යළි හෙට (15) දින කැඳවීමට නියමිතය.

Aruna