Saturday, November 09, 2024
Follow Us
සේනා දළඹු ව්‍යාප්තිය පාලනය කළ හැකි මට්ටමේ - කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කියයි

සේනා දළඹුවන් මගින් මෙවර බඩඉරිගු වගාවට සිදුව ඇති හානිය පානය කළ හැකි මට්ටමක පවතින බව කාෂිකර්ම දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කෘෂි විශේෂඥ සහ බඩඉරිගු බෝග නායක ආචාර්ය බුද්ධික අබේසිංහ පැවසුවේ සේනා දළඹුවන් බඩඉරිගු වගාවන්ට හානි කිරීමේ සිද්ධීන් දිස්ත්‍රික්ක 04 කින් පමණ මේවනවිට වාර්තා වී ඇති බවයි.

මේ අතර අනුරාධපුරය දිස්ත්‍රික්කයේ පළුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ අක්කර 1500 ක පමණ බඩඉරිගු වගාව සේනා දළඹුවන් හේතුවෙන් විනාශ වී ඇති බවයි එම ප්‍රදේශයේ ගොවීන් පවසන්නේ.

කෙසේවෙතත් සේනා දළඹු හානිය වළක්වා ගැනීම සඳහා අවශ්‍ය තාක්ෂණය මේවනවිට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සතු බවත්, ඒ පිළිබඳ ගොවීන් දැනුවත් කිරීම සිදු කෙරෙමින් ඇති බවත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කෘෂි විශේෂඥ ආචාර්ය බුද්ධික අබේසිංහ නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී කියා සිටියා.

සේනා දළඹුවන් පාලනය කළ හැකි පරපෝෂිතයෙක් වගා හානි වැඩි වශයෙන් සිදුව ඇති ප්‍රදේශවලට නිදහස් කිරීමට පියවර ගනිමින් ඇති බවයි ආචාර්ය බුද්ධික අබේසිංහ මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේ.

Neth