Saturday, November 09, 2024
Follow Us
විදුලි මීටර් හිඟයෙන් 35,000ක් අඳුරේ

විදුලි මීටර් සහ වයර් හිඟය හේතුවෙන් නව විදුලි සම්බන්ධතා 35000 ක් ලබාදීමට නොහැකි වී ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය කියා සිටී.

මේ හේතුවෙන් නව විදුලි සම්බන්ධතා ලබා ගැනීම සඳහා මුදල් තැන්පත් කළ විදුලි පාරිභෝගිකයන් දැඩි අසීරුතාවකට පත්ව ඇත. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදී අදහස් දක්වා සිටි විදුලි බල මණ්ඩලයේ අතිරේක [බෙදාහැරීම් අංශ 4 ] සාමාන්‍යාධිකාරී රොහාන් සෙනවිරත්න පැවසුවේ විදුලි මීටර් වයර් පමණක් නොව ට්‍රාන්ස්ෆ්‍රෝමර්ස් ද දැඩි හිඟයක් ඇති බවය. ට්‍රාන්ස්ෆ්‍රෝමර්ස් 300 ක 400 ක පමණ අවශ්‍යතාවක් පැවැතියත් මේ වන විට ඇත්තේ 100 කට ආසන්න ප්‍රමාණයක් පමණක් බවත් ඔහු ප්‍රකාශ කළේය.

මෙම උපාංග ආනයනය කිරීමට අවශ්‍ය ඩොලර් සොයා ගැනීමට නොහැකි වීමෙන් මෙම තත්ත්වය උදාවී ඇතැයි ද ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වා සිටි ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති නලින්ද ඉලංගකෝන් පැවසුවේ විදුලි මීටර් 6000ක් මෙම මාසයේදී ආනයනය කිරීමට කටයුතු කරන බවය.

Aruna