Thursday, November 14, 2024
Follow Us
පාරිභෝගිකයින්ට විදුලි බිල්පතත් නැතිවෙයි

ලංකා විදුලිබල මණ්ඩලයේ සියලු පාරිභෝගිකයින්ට ජනවාරි මාසයේ සිට කඩදාසි රහිත බිල්පත් සහ රිසිට්පත් හඳුන්වාදීමට තීරණය කර තිබෙනවා.

විදුලිබල මණ්ඩලයේ වියදම් සහ පිරිවැය අඩුකිරීම සඳහා එම තීරණය ගත් බවයි විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර පැවසුවේ.

එමෙන්ම වීදි ලාම්පු සවිකිරීම සහ ක්‍රියාත්මක කිරීම, දැනට සිටින කාර්යමණ්ඩලයෙන් සිදුකළ යුතු බාහිර සේවා සහ ලංකා විදුලිබල මණ්ඩලයට කළ නොහැකි සේවා, ප්‍රාදේශීය සභා සහය ඇතිව සිදුකිරීමට ද තීරණය කර තිබෙනවා.

වියදම් සහ පිරිවැය අඩුකිරීම සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් සමඟ පැවති සාකච්ඡාවකදී එම තීරණවලට එළඹි බවයි අමාත්‍ය කංචන විජේසේකර පැවසුවේ.

මේ අතර පසුගිය වසරේ වැඩ ආරම්භ කරන ලද ලංකා විදුලිබල මණ්ඩලයේ නව ගොඩනැගිල්ලේ ඉදිරිකිරීම් කටයුතු තාවකාලිකව නවතන ලෙසටද අමාත්‍යවරයා එහිදී නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

Neth