Wednesday, April 24, 2024
Follow Us
විදුලි බිල නිසා පීඩාවට පත් ජනතාවට සහනයක්

රනිල්ගෙන් කංචනට උපදෙස්


විදුලිබිල වැඩිකළහොත් ඉන් වඩා පීඩාවට පත්වන දිළිඳු ජනකොටස්වලට සහන ලබාදීමේ වැඩපිළිවෙලක් සකසන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විෂය භාර ඇමති කාංචන විජේසේකරට උපදෙස් දී ඇතැයි කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන පැවසීය.

ඒ අනුව වඩා පීඩාවට පත්වන ජනකොටස් වෙනුවෙන් විකල්ප වැඩපිළිවෙලක් සැකසෙනු ඇතැයි ද ඇමතිවරයා කීවේය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (6) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.

Aruna