එම්බාම් තරුණයන්ට රට මිනී අත වනයි
ජාතික ආධුනිකත්ව මණ්ඩලයේ අනුමැතිය සහිතව මෘත ශරීර එම්බාම් කිරීමේ පාඨමාලාවක් ලබන පෙබරවාරි මස සිට ආරම්භ කිරීමට පියවර ගෙන ඇති බව සමස්ත ලංකා අවමංගල්‍ය අධ්‍යක්ෂවරුන්ගේ සංගමයේ සභාපති මහින්ද පනාගොඩ පැවැසීය.
එන්. වී.කිව් 4.5 යටතේ මීට සහතික පත් ලබාදීමටද පියවර ගැනේ. දකුණු ආසියාවේ එම්බාම් කිරීම සඳහා මෙලෙස එම්බාම් පුහුණු පාසලක් ඉදිවන බවද හෙතෙම අනාවරණය කළේය.
ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කාය විචච්චේදන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය සජිත් එදිරිසිංහගේ මූලිකත්වයෙන් ආරම්භ කිරීමට නියමිත මෙම පුහුණුවට මේ වනවිට 40 දෙනකු අයැදුම් කර තිබෙන බවද වැඩිදුරටත් සභාපතිවරයා පවසා සිටියේය. මෘත ශරීර එම්බාම් කිරීමට අයැදුම්කරුවන් පුහුණු කර විදෙස් රටවලට රැකියා අවස්ථා සඳහා යොමු කිරීමට බලාපොරොත්තු වන බවද හෙතෙම පැවැසීය.
නො. 410, අතුරිගිරිය පාර, මාලබේ යන ලිපිනයේ මෙම පුහුණු පාසල ආරම්භ කිරීමට පියවර ගෙන ඇත. මේ සඳහා යුරෝපා රටවල දැනට භාවිත කරන නවීන තාක්ෂණයද උපයෝගී කරගන්නා බවද හෙතෙම අනාවරණය කළේය.
Aruna