විදුලි කප්පාදු කාලසටහනේ වෙනසක්
එළඹෙන සති අන්තයේ (3 වැනිදා සහ 4 වැනිදා ) පැය දෙකයි විනාඩි 20ක විදුලි කප්පාදුවක් සඳහා අනුමැතිය දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක (2) පැවසීය.
ඒ අනුව අද සහ හෙට ‘ඒ’ සිට ‘ඩබ්ලිව්’ දක්වා කලාප 20 ට දහවල් කාලයේ පැයක ද, රාත්රී කාලයේ පැයක් ද, ලෙස විදුලි කප්පාදුවක් ක්රියාත්මක කිරීමට අවසර දුන් බවත් ජනක රත්නායක වැඩි දුරටත් කීය.
Aruna