Friday, November 15, 2024
Follow Us
රාජ්‍ය විශ්වවිද්‍යාලවලට අනුබද්ධව මුදල් අයකර උපාධි ලබාදිමේ ආයතන

උසස් ඩිප්ලෝමාධාරීන්ටත් විශ්වවිද්‍යාල උපාධි


රාජ්‍ය විශ්වවිද්‍යාලවලට අනුබද්ධව මුදල් අයකර උපාධි ලබාදිමේ ආයතන පිහිටුවන බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් පවසයි.

ඉසෙඩ් ලකුණු පදනම් කර ගනිමින් විශ්ව විද්‍යාලවලට නොමිලේ ඇතුළත් කර ගන්නා පිරිසට පරිභාහිරව මෙම පිරිස් ඇතුළත් කර ගන්නා බව ඔහු ප්‍රකාශ කළේය.

උසස් අධ්‍යාපනය සඳහා විදේශීය විශ්වවිද්‍යාලවලට යන පිරිස අඩු කර ගැනීමට මේ තුළින් අවකාශ සැලසෙන බව රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

දැනට උසස් ඩිප්ලෝමා හදාරන පිරිසට විශ්වවිද්‍යාල උපාධි ලබා දීමටද මේ යටතේ පියවර ගන්නා බව අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Aruna