Thursday, April 25, 2024
Follow Us
ඉන්ධන මිල රු. 100කින් අඩුවෙයි ?

ඩීසල්, පෙට්‍රල්, භූමිතෙල්, දැවි තෙල් මිල අඩු කළ හැකියි


බලශක්ති අමාත්‍යවරයා පැවසූ පරිදි මාසිකව ඉන්ධන මිල සංශෝධනය කරන්නේ නම් ලෝක වෙළෙද පොළේ පවතින ඉන්ධන මිල ගණන් හමුවේ ඊයේ (31) මධ්‍යම රාත්‍රීයේ සිට ඉන්ධන මිල පහත දැමීමට රජය කටයුතු කළ යුතු බව සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති බලවේගයේ කැදවුම්කරු ආනන්ද පාලිත පවසයි.

ඔහු මේ පිළිබදව වැඩිදුරටත් අදහස් දක්වමින් මෙලෙස පැවසීය….

” බලශක්ති ඇමති කියනවා සෑම මසකම පළවැනිදා මිල සූත්‍රය ක්‍රියාත්මකයි කියලා. එහෙනම් දෙසැම්බර් පළවැනිදා මධ්‍යම රාත්‍රීයේ ඉදලා භූමිතෙල් ලීටරයේ ඉදලා, ඩීසල් ලීටරයේ ඉදලා, පෙට්‍රල් සහ දැවි තෙල් සියලුදේ අඩු කළ යුතුයි. අඩු කළ හැකියි.
බොරතෙල් සහ පිරිපහදු තෙල් මේ වන විට අසීමිතව අඩුවෙලා තියෙනවා. අපි ගන්නා බොරතෙල් බැරල් එකක් ඩොලර් 55කට වැඩිය අඩුවෙලා තියෙනවා. පිරිපහදු කරපු බැරල් එකක් ඩොලර් 35කට වඩා අඩුයි. ඒ් වගේම අපි මිලදී ගන්නේ අත්පිට මුදලට, ඇමතිගේ ප්‍රකාශ අනුව. අත්පිට මුදලට නම් ගන්නේ ණයවර ලිපිවලට නෙමෙයි නම් ගන්නේ පැහැදිලිව ඉලක්කම් තුනකින් අවම වශයෙන් රුපියල් 100යේ සිට සියලු ඉන්ධන අඩු කළ යුතුයි.”

Aruna