Wednesday, April 24, 2024
Follow Us
ද්විත්ව පුරවැසි වීසා ගාස්තු ඉහළට

අද සිට වැඩි වුණු වීසා ගාස්තු මෙන්න


ද්විත්ව පුරවැසිභාවය සඳහා අයදුම් කිරීම ඇතුළු කාණ්ඩ කිහිපයකට අදාළ වීසා ගාස්තු අද(01) සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමා තිබේ.

ද්විත්ව පුරවැසිභාවය ලබාදීම සඳහා වන ගාස්තුව රුපියල් 345,000 සිට ඇමෙරිකානු ඩොලර් 2000 දක්වා ඉහළ නංවා ඇති බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

එය රුපියල් හත් ලක්ෂය ඉක්ම වූ අගයකි.

එමෙන්ම, පුරවැසි පනත යටතේ නිකුත් කරන සහතික වල පිටපත් ගාස්තුව ද රුපියල් 1150 සිට රුපියල් 2000 දක්වා සංශෝධනය කර ඇති අතර නේවාසික ආගන්තුක යෝජනා ක්‍රමය වීසා වැඩසටහන යටතේ වීසා නිකුත් කිරීම ඇමෙරිකන් ඩොලර් 200 දක්වා වැඩි කළ බව එම ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

 

Aruna