Saturday, February 14, 2026
Follow Us
අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහළට

මිල අඩු වූ භාණ්ඩ ලැයිස්තුව මෙන්න


ලංකා සතොස අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල ගණන් තවදුරටත් පහත දමා තිබේ.

එම මිල අඩුකිරීම දෙසැම්බර් 01 වනදා සිට ක්‍රියාත්මක කෙරේ.

ඒ අනුව රතු කැකුළු කිලෝ 01ක් රුපියල් 199කට, කීරි සම්බා කිලෝ 01ක් රුපියල් 225කට, බී ලූනු කිලෝ 01ක් රුපියල් 225කට, මාල්මැස්සන් කිලෝ 01ක් රුපියල් 1150කට මිලදී ගත හැකිය.
දිවයින පුරා ඇති සියලුම සතොස අලෙවිසැල් ජාලය හරහා මෙම සහනය මහජනතාවට ලබාගත හැකිය.

Aruna