Friday, April 19, 2024
Follow Us
දෙසැම්බර් මස සිට විදුලි කප්පාදුවේ වෙනසක්

විදුලි කප්පාදුව අඩුවෙයි


දකුණු සහ ඇල්ල සංචාරක කලාප සඳහා දෙසැම්බර් මස පළමු වනදා සිට රාත්‍රී විදුලි කප්පාදුවෙන් නිදහස් කිරීමට තීරණය කර තිබේ.

විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මේ බව පවසයි.

මේ අතර ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ දෙසැම්බර් 15 වනදා තෙක් දිවයින පුරා සෙසු ප්‍රදේශ සඳහා දහවල් කාලයේ පැයක් සහ රාත්‍රී කාලයේදී පැය 1යි මිනිත්තු 20ක කාලයක් විදුලි කප්පාදුව සිදුකෙරෙන බවය.

මේ අතර දෙසැම්බර් 15 වනදායින් පසුව සංචාරක අමාත්‍යාංශය විසින් හඳුනාගෙන ඇති සියලුම සංචාරක කලාප සඳහා රාත්‍රී විදුලි කප්පාදුවක් සිදුනොකෙරෙන බව අමාත්‍යවරයා පවසයි.

එහෙත් දිවයිනේ සෙසු ප්‍රදේශවලට රාත්‍රී කාලයේ විදුලි කප්පාදුව පැයක් දක්වා අඩුකිරීමට නියමිතය.

එසේම නත්තල් සහ අලුත් අවුරුදු දිනවල විදුලි කප්පාදුවක් සිදුනොවන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.

Aruna