Friday, April 19, 2024
Follow Us
භික්ෂු කතිකාවත් පනතට ජනපතිගෙන් යෝජනාවක්

ඉදිරියේදී ගෙන ඒමට නියමිත තේරවාදී භික්ෂු කථිකාවත් ලියාපදිංචි කිරීමේ පනත් කෙටුම්පතට විශ්වවිද්‍යාල ශිෂ්‍ය භික්ෂූන්ගේ හැසිරීම සම්බන්ධයෙන් ද කරුණු ඇතුලත් කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 29 පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

සෞඛ්‍ය අමාත්‍යංශය සහ බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශවල වැය ශීර්ෂ පිළිබඳ අයවැය කාරකසභා අවස්ථා විවාදයට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.

විශ්වවිද්‍යාලවලට ප්‍රවේශ වන බොහෝ භික්ෂූන් වහන්සේලා ඉන් පිටවන්නේ ගිහි පුද්ගලයින් ලෙස බවයි ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේ.

විවාදයට එක්වූ රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි පැවසුවේ කන්සා අපනයනය සඳහා අවශ්‍ය නීතිමය කටයුතු මේ වන විට සම්පාදනය වෙමින් ඇති බවයි.

විවාදයට එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන පැවසුවේ කන්සා අපනයන වැඩපිළිවෙල ඉතා ප්‍රවේසම් සහගතව සිදුකළ යුතු බවයි.

Neth