Friday, November 15, 2024
Follow Us
රේල්ලුවට පීලි 40,000 ක හිඟයක්

අයවැය කාරක සභා අවස්ථා විවාදයේ 6වන දිනය අදයි. සෞඛ්‍ය අමාත්‍යාංශය, බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශය යන අමාත්‍යංශවලට අයත් වැය ශීර්ෂයන් අද විවාදයට ගැනීමට නියමිතයි.

මේ අතර විදේශ කටයුතු, ප්‍රවාහන හා මහාමාර්ග සහ ජනමාධ්‍ය යන අමාත්‍යංශවල වැය ශීර්ෂ ඊයේ පාර්ලිමේන්තුවේදී සම්මත වුණා.

එම විවාදයට එක් වෙමින් මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් පැවසුවේ පවතින මූල්‍ය අර්බුදය හේතුවෙන් මෙතෙක් වැඩ අවසන් නොකළ මාර්ගවල වැඩ කටයුතු ලබන වසරේදී සම්පූර්ණ කිරීමට බලාපොරොත්තු වන බවයි.

එම විවාදයට එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ කියා සිටියේ දුම්රිය දෙපාර්තමේන්තුව සඳහා වසරකට පීලි 50,000 ක් අවශ්‍ය වුවද මෙම වසරේදී මුදල් වෙන්ව ඇත්තේ පීලි 10,000 කට පමණක් බවයි.

දුම්රිය ප්‍රමාදයට සහ දුම්රිය පීලි පැනීම්වලට එය බලපා ඇති බවද මන්ත්‍රීවරයා එහිදී කියා සිටියා.

මේ අතර ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් අනතුරුව ප්‍රචාරය වන නෙත් එෆ් එම් බැලුම්ගල වැඩසටහනින් අද සාකච්ඡාවට ලක් කෙරෙන්නේ මෑත කාලීනව වැඩිවී ඇති දුම්රිය ප්‍රමාදය පිළිබඳවයි.

Neth