Friday, November 15, 2024
Follow Us
ජනවාරියේ සිට රියදුරන්ගේ ලකුණු කැපෙයි

ලකුණු කැපෙන්නේ මෙහෙමයි


2023 වසරේ ජනවාරි මස සිට රියදුරු බලපත්‍රය සඳහා අකුසලතා ලකුණු ලබාදීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක කරන බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (28) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින්.

ගුණාත්මක රියදුරෙක් බිහිකිරීමේ අරමුණින් එම ක්‍රමවේදය හඳුන්වා දෙන බව ද පැවසු රාජ්‍ය අමාත්‍යවරයා, එම ක්‍රමවේදයට අනුමැතිය හිමිව තිබුණත් වසර 8ක කාලයක් පුරා ක්‍රියාත්මක වී නොමැති බව ද පැවසීය.

ඒ අනුව රිය පැදවීමේ දී සිදුවන වැරදි 32කට අදාළව ලකුණු කැපීම සිදුවන බවත් ලකුණු 24ක් කැපී ගියහොත් අදාළ රියදුරාගේ රියදුරු බලපත්‍රය වසරක කාලයක් සඳහා අත්හිටුවන බවත් කියා සිටියේය.

මේ අතර පරිවාස කාලය තුළ දී යම් රියදුරෙකුගෙන් ලකුණු 12ක් කැපී ගියහොත් එම රියදුරාට වසරක කාලයක් බලපත්‍රය ලබාගත නොහැකි බව ද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

ලකුණු කැපෙන හැටි,
1. මාර්ග අනතුරකින් පසුව වාහනය නතර නොකර පළා ගියොත් ලකුණු 10ක් කැපෙනු ඇත.

2. පැයට කිලෝමීටර 150ට වැඩි වේගයෙන් රිය පැදවුවහොත් ලකුණු 8ක් කැපෙනු ඇත.

3. මාර්ග යෝග්‍යතා නොමැතිව අපරික්ෂාකාරීව රිය ධාවනය කළහොත් ලකුණු 6ක් කැපෙනු ඇත.

Aruna