එළඹෙන දෙසැම්බර් මස මැද භාගය වනවිට සපුගස්කන්ද ඛණිජතෙල් පිරිපහදුවේ කටයුතු යළි ආරම්භ කිරීමට උත්සහ කරන බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ පවසනවා.
මීට සති කිහිපයකට පෙර මෙරටට ළඟා වූ නෞකාවේ බොරතෙල් තොගය, පිරිපහදුවේ කටයුතු යළි ආරම්භ කිරීමට ප්‍රමාණවත් නොවන්නේ දැයි නෙත් නිවුස් කළ විමසීමකදී රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
සපුගස්කන්ද පිරිපහදුවේ කටයුතු යළි ආරම්භ කිරීමෙන් පසු එය අඛණ්ඩව ක්‍රියාත්මක කළ නොහැකිදැයි නෙත් නිවුස් රාජ්‍ය අමාත්‍යවරයාගෙන් මෙහිදී ප්‍රශ්න කළා.
ඊට ප්‍රතිචාර දක්වමින් රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ කියාසිටියේ බොරතෙල් තොග ණයට ලබාගැනීමට හැකියාවක් ඇත්නම් පිරිපහදුවේ කටයුතු අත්හිටුවීමකින් තොරව පවත්වාගෙන යා හැකි බවයි.
Neth