Friday, May 08, 2026
Follow Us
පාස්කු ප්‍රහාරය පිළිබද සොයා බැලීමේ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හෙට යළි රැස්වෙයි

අප්‍රේල් 21 පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබද සොයා බැලීමේ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සාමාජිකයින් හෙට (04) යළි රැස්වීමට නියමිතව ඇත.

පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සභාපති නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා පැවසුවේ හෙට පස්වරු 2.00ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී කමිටු සාමාජිකයින් හමුවීමට නියමිත බවයි.

මෙහිදී පාර්ලිමේන්තු විශේෂ කාරක සභා වාර්තාවේ අවසන් කටයුතු පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිතයි.

අදාළ වාර්තාව සැකසීමේ කටයුතු මේ වන විට සියයට 80ක් පමණ අවසන් කර ඇත ව ආනන්ද කුමාරසිරි මහතා වැඩිදුරටත් සදහන් කළේය.

(Aruna)