Friday, November 15, 2024
Follow Us
පෞද්ගලික වීසාවලින් රට රැකියා තහනම්

විදේශ සේවා නියුක්ති කාර්යංශයෙන් ගත් තීරණය


ඕමානය සහ එක්සත් අරාබි එමිර් රාජ්‍යයන් වෙත ගෘහ රැකියා හා නුපුහුණු සේවාවන් සඳහා පෞද්ගලික වීසා මත කාන්තාවන් ලියාපදිංචි කිරීම තාවකාලිකව අත්හිට වූ බව විදේශ සේවා නියුක්ති කාර්යංශයේ සභාපති මහේන්ද්‍ර කුමාරසිංහ අරුණට පැවැසීය.

ඒජන්සිකරුවන් විසින් ගෘහ සේවයට තෝරාගන්නා කාන්තාවන් එම රටවල​ට රැගෙන යාමට උපක්‍රමයක් ලෙස පෞද්ගලික වීසා මත යවන බව අනාවරණය වීමෙන් පසුව මෙම තීරණය ගෙන ඇත.

රැකියා ඒජන්සිය මාර්ගයෙන් නොයන විට එම සේවිකාවන්ට එරටේදී ප්‍රශ්නයක් ඇතිවුවහොත් නැවත ගෙන්වා ගැනීමේ වියදම හා ඒ සම්බන්ධව වගකීමෙන් මිදීමට මෙම උපක්‍රමය යොදන බව හෙළි වී ඇත.

මේ අනුව ගෘහ සේවය හා පිරිසිදු කිරීමේ සේවාවන්ට අදාළ ලියාපදිංචි කටයුතු තාවකාලිකව අත්හිටුවා තිබේ. සංචාරක වීසා කාලය ඉක්මවා මෙරටට පැමිණීමට නොහැකිව සුරක්ෂා ආරක්ෂක නිවස්නයේ හා පිටත සිටින ශ්‍රී ලාංකික කතුන් වෙනුවෙන් අය කරන දඩ මුදල ඉවත් කර ගැනීමට ඕමාන් රජය සමග රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ සාකච්ඡාවක්ද ඇරඹී ඇත. ශ්‍රී ලාංකික කතුන් හැටදෙනෙකු සංචාරක වීසා කාලය ඉක්මවා ඕමානයේ රැඳී සිටින බව අනාවරණය වී ඇත.

Aruna