ලබන මාසයේ සිට ඉන්ධන මිලේ වෙනසක්
ඉන්ධන මිල මාසිකව සංශෝධනය කිරීම සඳහාවන යෝජනාව අද (21) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.
ඉදිරියේදී ඉන්ධන කෝටාවෙන් බැහැරව සාමාන්‍ය පරිදි ඉන්ධන නිකුත් කිරීමේ කටයුතු ආරම්භ වූ පසු,දෛනිකව ඉන්ධන මිල සංශෝධනය කිරීමට සැලසුම් කර ඇතැයි ද අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේ ය.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ 50 වන සංවත්සරයට සමගාමීව සංවිධානය කර තිබූ උත්සවයකට එක්වෙමිනි.
ඒ අනුව ලබන මාසයේ සිට ඉන්ධන මිල මාසිකව සංශෝධනය කිරීමට සැලසුම් කර ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ප්‍රකාශ කළේ ය.
Aruna