Friday, November 15, 2024
Follow Us
ධීවරයින්ට විශේෂ දැනුම්දීමක්

කාලගුණයේ වෙනසක්


ගිනිකොණ දිග බෙංගාල බොක්ක සහ ඊට යාබඳව පැවති අඩුපීඩන කලාපය, බස්නාහිරට බරව වයඹ දෙසට ගමන් කර, මේවන විට දකුණු-මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතී.

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ මෙම පද්ධතිය බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් ඉදිරි පැය 12 තුළදී පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී, තමිල්ණාඩු-පුදුචෙරි වෙරළ වෙත ළඟාවීමේ වැඩි හැකියාවක් පවතින බවයි.

උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වලවිටින් විට හමන පැ.කි.මී. 40-50ක පමණ තද සුළං ඇතිවිය හැක.

උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල වැසි ස්වල්පයක් ඇති වේ.

මේ අතර ඉදිරි පැය විසි හතර තුළ කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය හරහා මඩකලපුව දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තවදුරටත් යාත්‍රා නොකරන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර සහ නාවික ප්‍රජාවට දැනුම් දී තිබේ.

එමෙන්ම නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයටද යාත්‍රා කිරීමෙන් වළකින ලෙසයි එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.

එම මුහුදු ප්‍රදේශ රළු වන අතර, වෙරළට ආසන්නව රළ මීටර දෙකත් තුනත් අතර ප්‍රමාණයක් දක්වා ඉහළ යාමේ හැකියාව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

Aruna