අධ්‍යාපන ඇමතිගෙන් අලුත් වැඩසටහනක්
පළමු වසරේ සිසුන් සඳහා ඉංග්‍රීසි භාෂාව ප්‍රායෝගිකව භාවිතා කිරීම 2023 වසරේ මාර්තු මස සිට ආරම්භ කිරීමට නියමිතයි.
එම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට ගුරුවරුන් පුහුණු කිරීමට ලක් කරන පුහුණු උපදේශකවරුන් පුහුණු කිරීමේ වැඩසටහන ඊයේ (18) දින අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්තගේ ප්‍රධානත්වයෙන් ජාතික අධ්‍යාපන ආයතනයේ දී ආරම්භ වුණි.
දිවයිනම ආවරණය වන පරිදි පුහුණුකරුවන් 450ක් පමණ මේ සඳහා තෝරාගෙන ඇති අතර විධිමත් නේවාසික පුහුණුව ලබා දීමෙන් අනතුරුව සියලුම පාසල්වල ප්‍රාථමික අංශයේ පළමු පංතියට උගන්වන ගුරුවරුන් එම පුහුණුකරුවන් ලවා පුහුණු කිරීම සිදු කරනු ලබයි.
පළාත්‍බඳව සිදුකෙරෙන මෙම ගුරුවරුන් පුහුණුකිරීමේ වැඩසටහනින් අනතුරුව 2023 වසරේ පළමු පාසල් වාරයේ සිට එක ශ්‍රේණියේ සිට ඉංග්‍රීසි භාෂාව ප්‍රායෝගික ක්‍රියාකාරකම් පදනම්ව භාවිතා කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කෙරෙනු ඇත.
Aruna