රෝගීන් දැඩි අපහසුතාවක
කොළඹ ජාතික රෝහල, රිජ්වේ ආර්යා ළමා රෝහල සහ කාසල් වීදිය කාන්තා රෝහල ඇතුළු රෝහල් කිහිපයක රසායන ද්‍රව්‍ය හිඟය හේතුවෙන් රුධිර පරීක්ෂණ කටයුතු රැසක් ඇනහිට තිබේ.
මේ හේතුවෙන් පෞද්ගලික රසායනාගාරවලින් රුධිරය පරීක්ෂා කරගැනීමට සිදුවීම නිසා රෝගීන් දැඩි අපහසුතාවයට පත්වී සිටී.
රුධිර පරීක්ෂණ කටයුතුවලට අවශ්‍ය රසායනික ද්‍රව්‍යවල යම් හිඟයක් පැවතියද රෝහල් පද්ධතිය කඩා වැටීමට ඉඩ නොදෙන බව කාසල් වීදිය කාන්තා රෝහලේ අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.
Aruna