Sunday, February 15, 2026
Follow Us
ඖෂධ හිඟයට ප්‍රධාන හේතුවක් හෙළි කරයි

සෞඛ්‍ය අමාත්‍යාංශ‍යේ නිවේදනයක්


ඖෂධ මිලදී ගැනීමට අදාළව රුපියල් බිලියන 23 හිඟ බිල්පත් සැපයුම්කරුවන්ට ගෙවීමට ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

එහි ජේෂ්ඨ නිලධාරීයෙකු සඳහන් කළේ, මේ හේතුවෙන් ඔවුන්ට නව ඖෂධ ඇණවුම් භාරදීමට නොහැකි වී ඇති බවයි.

එය මෙරට ඖෂධ හිඟය ඇතිවීමට එක් ප්‍රධාන හේතුවක් බව ද ඔහු පෙන්වා දෙයි.

සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දුන්නේ, හිඟ බිල්පත් ගෙවීම සඳහා කඩිනමින් ප්‍රතිපාදන ලබා දෙන්නැයි මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලා ඇති බවයි.

Aruna