Friday, November 15, 2024
Follow Us
බිත්තර පාලන මිලෙහි කිසිඳු වෙනසක් නෑ - විෂයභාර ඇමති කියයි

බිත්තර නිෂ්පාදකයින්ට එරෙහිවද ඉදිරියේදී පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය නීතිමය පියවර ගන්නා බව වෙළද, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු පවසනවා. සිය නිෂ්පාදන සගවා තබා ගන්නා සහ පවතින තොග පිළිබද වාර්තා ලබානොදෙන බිත්තර නිෂ්පාදකයින්ට එරෙහිව එලෙස පියවර ගන්නා බවයි අමාත්‍යවරයා පැවසුවේ.

ඩීසල් මිල ඉහළ ගියද කුමන හේතුවක් මත හෝ බිත්තර සදහා පනවා ඇති පාලන මිල සංශෝධනය නොකරන බවද අමාත්‍ය නලීන් ප්‍රනාන්දු සදහන් කළේ.

කෙසේවෙතත් පිරිවැයට සරිලන සහ බිත්තර ගොවියාට ජීවත් විය හැකි සාධාරණ මිලක් නියම නොකරන්නේ නම් ඉදිරියේදි ඇති වන බිත්තර හිඟය මඟ හරවා ගැනීමට නොහැකි වන බව සමස්ත ලංකා කුකුල් ව්‍යාපාරිකයින්ගේ සංගමය පවසනවා.

එහි සභාපති අජිත් ගුණසේකර පැවසුවේ දැනට පවතින පාලන මිල යටතේ බිත්තර නිෂ්පාදනයටද වැය වන මුදල උපයා ගැනීමට නොහැකි බවයි. ඉල්ලුම හා සැපයුම අනුව බිත්තර සදහාද මිල තීරණය කිරීමට පාලනන මිල ඉවත් කර ඒ සදහා වෙළදපොලට අවස්ථාව ලබාදෙන ලෙසයි ඔහු කියා සිටියේ.

ඉදිරියේදී ඇති විය හැකි ආහාර හිගය වළක්වා ගැනීම සදහා රජය කඩිනම් අවධානය යොමු කළ යුතු බවයි ඔහු වැඩිදුරටත් සදහන් කළේ.

Neth