Saturday, May 10, 2025
Follow Us
මැතිවරණ කොමිසම පක්ෂ නියෝජිතයන් හමුවෙයි

මෙවර ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයන් ඉදිරිපත් කරන බව දැනුම් දී ඇති දේශපාලන පක්ෂවල නියෝජිතයන් සහ මැතිවරණ කොමිසමේ නිළධාරීන් අතර විශේෂ සාකච්ඡාවක් අද (02) පැවැත්වීමට නියමිතය. එම සාකච්ඡාව අද පස්වරු 04 ට පැවැත්වෙන බවයි මැතිවරණ කොමිසම පවසන්නේ.

ජනාධිපතිවරණයේදී අනුගමනය කළයුතු මැතිවරණ නීති සම්බන්ධයෙන් මෙම සාකච්ඡාවේදී දේශපාලන පක්ෂ නියෝජිතයන් දැනුවත් කිරීමට නියමිත අතර ඒ සම්බන්ධයෙන් එම නියෝජිතයන්ගේ අදහස් විමසීමටද නියමිතය.

මේ වනවිට දේශපාලන පක්ෂවලින් හා ස්වාධීනව අපේක්ෂකයන් 20 කට ආසන්න පිරිසක් ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කර තිබේ.

ඇප මුදල් තැන්පත් කිරීම සඳහා ඔක්තෝබර් 06 වැනිදා දක්වා කාලය ලබා දී තිබෙන අතර ඔක්තෝබර් 07 වැනිදා නාමයෝජනා භාරගැනීමට නියමිතය.

(LNW)