ආහාර නොලැබෙන පාසල් දරුවන්ගේ සංඛ්‍යාව වෙනදාට වඩා වැඩි වී ඇතැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් පවසනවා. ඵ්, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදි අද ඇසු ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්. විපක්ෂ නායකවරයා ඉල්ලා සිටියේ ඉදිරි අයවැයෙන් හෝ පාසල් දරුවන්ට දිවා ආහාර වේලක් ලබා දීමට අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කරන ලෙසයි.
ඊට පිලිතුරු ලබා දෙමින් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් පැවසුවේ පාසල් දරුවන් ලක්ෂ 11කට දිවා ආහාරය ලබා දීමට සූදානම් බවයි.
මේ අතර පාසල් දරුවෙකු වෙනුවෙන් ආහාර වේලක් ලබාදීම සදහා වෙන් කල යුතු උපරිම මුදල රුපියල් 100ක් දක්වා වැඩි කිරීමට ඉකුත් දා කැබිනට් අනුමැතිය හිමිවූ බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළා. ඵ්, සැපයුම්කරුවන් වෙත නොමිලේ සහල් සපයන අවස්ථාවලදී ඵසේ ලැබෙන ද්‍රව්‍ය හා ආධාරවල පිරිවැය ද ඇතුළත්වයි.
ලෝක ආහාර වැඩපිලිවෙල මගින් ප්‍රදානය කරන සහල් සැපයුම්කරුවන් වෙත ලබා දීමෙන් පසු සිසුන්ගේ ඵක් ආහාර වේලක් සදහා රුපියල් 15ක් අඩුකර රුපියල් 85 ක මුදලක් සැපයුම්කරුවන් වෙත ගෙවන ලෙසටයි අධ්‍යාපන අමාත්‍යාංශය, සියලු පලාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත දන්වා ඇත්තේ.
Neth