රටක් ලෙස මෙහි වගකීම භාර ගන්නවා
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණිතිලකගේ සිදුවීම සම්බන්ධයෙන් සිය ට්විටර් ගිණුමෙන් පැහැදිලි කිරිමක් කරමින් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් එම ක්‍රියාව වගකීම් විරහිත තනි පුද්ගලයෙක්ගේ ක්‍රියාවක් බව පවසා තිබේ.
මීට අමතරව අමාත්‍යවරයා මෙම සිදුවීම සම්බන්ධයෙන් සියලුම පාර්ශ්ව වලින් සමාව අයැද ඇත්තේ මේ ආකාරයෙනි.
“ වගකීම් විරහිත පුද්ගල ක්‍රියාවක්!
ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස මේ ගැන අවධානය යොමුකරන ඔස්ට්‍රේලියානු පාර්ශ්වයන්ගෙන්, ඔස්ට්‍රේලියානු රජයෙන් හා ඔස්ට්‍රේලියානු ජනතාවගෙන් මෙන්ම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් මේ ගැන සමාව ඉල්ලනවා. ධනුෂ්කගේ ක්‍රියාව තනි පුද්ගලයෙකුගේ වගකිම් විරහිත ක්‍රියාවක්.
මේ ගැන මම අවධානය යොමුකර තිබෙනවා. රටක් ලෙස මෙහි වගකීම භාර ගන්නවා. මේ ගැන සුදුසු ක්‍රියාමාර්ග ගන්නවා”
Aruna