පාසල් සිසුන් පාසල තුලදී හිංසනයට සහ ප්‍රචණ්ඩත්වයට ලක්වීමේ ප්‍රවණතාවක් මෑත කාලීනව නිරීක්ෂණය වන බව ජාතික ළමා රක්ෂක අධිකාරිය පවසනවා. එහි සභාපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය උදය කුමාර අමරසිංහ පැවසුවේ ගුරුවරුන් විසින් පාසල් සිසුන්ට දඬුවම් ලබාදීම මෙන්ම ශිෂ්‍ය නායකයින් විසින් කුඩා දරුවන්ට දඬුවම් ලබාදීමේ සිද්ධීන් කිහිපයක් මෑත කාලීනව වාර්තා වී ඇති බවයි.
දරුවන්ට හිංසා කිරීමේ සිද්ධීන්වලට සම්බන්ධ ඕනෑම පාර්ශවයකට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ජාතික ළමා රක්ෂක අධිකාරිය සූදානම් බවයි එහි සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
ගුරුවරියකගේ මුදල් පසුම්බියක් අස්ථානගතවීම හේතුවෙන් 05 ශ්‍රේණියේ සිසුන් කිහිපදෙනෙකුට පහරදීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් ජාතික ළමා රක්ෂක අධිකාරිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළේ ඊයේ පස්වරුවේයි.
එහිදී අදාළ පාසලේ විදුහල්පතිනිය සහ මිල්ලනිය පොලිස් ස්ථානයේ නිලධාරීන් දෙදෙනෙකු මේ මස 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා.
සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරුණු එම පාසලේ ගුරුවරියක් සහ මිල්ලනිය පොලිස් ස්ථානයේ රියදුරා ඇපමත මුදාහරින ලෙසයි මහේස්ත්‍රාත්වරයා එහිදී නියෝග කළේ.
Neth