Friday, November 15, 2024
Follow Us
උපාධිධාරී රාජ්‍ය සේවකයන්ට හොඳ රැකියාවක් ලබාගන්න අවස්ථාවක්

රේගුව, දේශීය ආදායම් සහ සුරාබදු දෙපාර්තමේන්තුවල පුරප්පාඩු 1538


රේගුව,දේශීය ආදායම් සහ සුරාබදු යන දෙපාර්තමේන්තු තුළ පවතින පුරප්පාඩු 1538 ක් පිරවීම සඳහා දැනට රාජ්‍ය සේවයේ නිරත උපාධිධාරීන් බඳවා ගැනීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය ඇමැති ආචාර්ය රංජිත් සියඹලාපිටිය පැවසීය.

රේගු දෙපාර්මේන්තුවේ දැනට පුරප්පාඩු 773 ක් පවතින අතර දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ පවතින පුරප්පාඩු සංඛ්‍යාව 434 කි. සුරා බදු දෙපාර්තමේන්තුවේ ද පුරප්පාඩු 331ක්ද පවතී. විශ්‍රාම යාමේ වයස 65 සිට 60 දක්වා අඩු කිරීමත් සමග ලබන දෙසැම්බර් මස 31 වැනිදා වන විට මෙම දෙපාර්තමේන්තු තුනේ පළපුරුදු තවත් නිලධාරීන් පිරිසක් විශ්‍රාම යාමට නියමිත ය.

මෙම දෙපාර්තමේන්තුවල සේවා ව්‍යාවස්ථා උල්ලංඝනය නොවන පරිදි කැබිනට් මණ්ඩලයේ සහ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතිය සහිතව පවත්වන තරග විභාගයක් මගින් මෙම බඳවා ගැනීම් සිදු කිරීමට අපේක්ෂිත බව ඇමැතිවරයා පැවසුවේය.

Aruna