Friday, November 15, 2024
Follow Us
මහ කන්නයේ වී වගාව සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් නිවේදනයක්

මහ කන්නයේදී වී වගාව සදහා අවශ්‍ය සියලු කෘමිනාශක සහ වල් නාශක ගොවි ජන සේවා මධ්‍යස්ථාන මගින් ගොවි ජනතාව වෙත ලබාදීමට සැලසුම් කර තිබෙනවා.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ මෙම කෘමිනාශක හා වල් නාශක බෙදා හරිනු ලබන සියලු පෞද්ගලික ආයතන සහ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර අතර පැවති සාකච්ඡාවකදී එම වැඩපිළිවෙල සදහා එකගතාව පළ වී ඇති බවයි.

ඒ අනුව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් වී හා අනෙකුත් වගාවන්ට අවශ්‍ය කෘමිනාශක හා වල්නාශක ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව සතු මුදල්වලින් පුද්ගලික අංශයෙන් මිලදී ගැනීම සිදු කරනවා.

ඉන්පසු එම සමාගම්වලින් ලබාදෙන වට්ටම් අනුව එහි සදහන් මිලට වඩා සියයට 5ක හෝ 6ක මිල අඩු කිරීමක් යටතේ ගොවිජන සේවා මධ්‍යස්ථාන මගින් සියලු කෘමිනාශක හා වල්නාශක ගොවි ජනතාව වෙත අලෙවි කිරීමට නියමිතයි. එම අලෙවියෙන් ලැබෙන ලාභයෙන් කොටසක් ගොවි සංවිධාන වෙත ලබාදීමට නියමිත බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

මෙම වැඩපිළිවෙල එළඹෙන සති දෙක තුළ ආරම්භ කිරීමට අවශ්‍ය කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙසද අමාත්‍ය මහින්ද අමරවීර ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී තිබෙනවා.

Neth