දෛනිකව ධාවනය වන කිලෝමීටර් ප්‍රමාණය අනුව ඉදිරියේදී ත්‍රීරෝද රථ සදහා ඉන්ධන කෝටාව නිකුත් කිරීමට සැලසුම් කර ඇති බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය පවසනවා.
එහි ත්‍රීරෝද කාර්යාංශයේ ප්‍රධානී ජීවින්ද කීර්තිරත්න පැවසුවේ ඊයේ උදෑසන 10 වනවිට බස්නාහිර පළාත තුළ මගී ත්‍රීරෝද රථ 13,700ක් පමණ ලියාපදිංචි වී ඇති බවයි.
මේවනවිට ඉන්ධන කෝටාව ඉහළ දමා ඇත්තේ ඉකුත් සිකුරාදා දින තෙක් ලියාපදිංචි වූ ත්‍රීරෝද රථ 8,370ක පමණක් බව ද මෙහිදී ප්‍රකාශ කෙරුණා.
ඒ අනුව ඉකුත් සිකුරාදයින් පසුව ලියාපදිංචි වූ ත්‍රීරෝද රථවල තොරතුරු ලබන සිකුරාදා බලශක්ති අමාත්‍යාංශය වෙත නිකුත් කරන බවයි බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ ත්‍රීරෝද කාර්යාංශයේ ප්‍රධානී ජීවින්ද කීර්තිරත්න වැඩිදුරටත් සඳහන් කළේ.
ඒ අනුව ඉකුත් සිකුරාදා දිනයෙන් පසු ලියාපදිංචි වූ ත්‍රීරෝද රථ සදහා ඉන්ධන කෝටාව එළඹෙන සතියේ සදුදා දින සිට ලැබෙනු ඇති බව ද මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කෙරුණා.
Neth