Saturday, November 16, 2024
Follow Us
ජනපති යටතේ අමාත්‍යාංශ 4ක්. අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කෙරේ !

අමාත්‍යාංශ හතරක් තමන් යටතේ තබා ගැනීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44(3) වගන්තිය යටතේ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ද අදහස් විමසීමෙන් අනතුරුව ජනාධිපතිවරයා මෙම තීරණයට එළඹ ඇති බව සඳහන්.

ඒ අනුව,

මුදල්, ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය
තාක්ෂණ අමාත්‍යාංශය
කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යාංශය
ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය

තමන් යටතේ තබාගැනීමටයි ජනාධිපතිවරයා තීරණය කර ඇත්තේ.

මීට අමතරව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ආරක්ෂක අමාත්‍යාංශයත් ජනාධිපතිවරයා යටතේ පවතී.

LNW