සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ජනතාවට නිවේදනයක්
කොවිඩ් සඳහා භාවිත කරන ෆයිසර් එන්නත් අද (01) සිට ජනතාවට ලබාගත නොහැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඒ මෙරටට ආනයනය කරන ලද ෆයිසර් එන්නත් ලක්ෂ 6ක් පමණ ඊයේ(31) කල් ඉකුත් වීම හේතුවෙනි.
වර්ධක මාත්‍රාව ලබාදීම සඳහා මෙම ෆයිසර් එන්නත් මෙරටට ගෙන්වූ අතර එම ප්‍රමාණයෙන් කොටසක් දෙවන වර්ධක මාත්‍රාව සඳහා ද භාවිතා කරනු ලැබීය.
කෙසේ වෙතත් කොවිඩ් රෝගයට ගොදුරු වීමේ ඉහළ අවධානමක් සහිත අවුරුදු 60ට වැඩි පුද්ගලයන් ලක්ෂ 27ක් පමණ සිටිය ද දෙවැනි වර්ධක මාත්‍රාව ලබාගෙන ඇත්තේ ලක්ෂ 2ක පමණ පිරිසක් පමණි.
කෙසේ වෙතත් මෙම ෆයිසර් එන්නත් කල් ඉකුත් වුව ද ඒවා කඩිනමින් විනාශ කිරීමට කටයුතු නො කරන බව යි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පැවසීය.
Aruna