Saturday, November 16, 2024
Follow Us
තේ කර්මාන්තය නගා සිටුවන්න පියවර ගන්නවා - ජනපති කියයි

කඩාවැටීමට ලක්ව ඇති මෙරට තේ කර්මාන්තය නැවත නගා සිටුවීමට විධිමත් සැලැස්මක් ඔස්සේ පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අපනයන ආර්ථිකයක් කරා යන ගමනේදී එය ඉතා වැදගත් බවයි ජනාධිපතිවරයා පෙන්වාදුන්නේ.

අද පස්වරුවේ පැවති ශ්‍රී ලංකා තේ කර්මාන්ත ශාලා හිමියන්ගේ 32 වන වාර්ෂික මහ සභා රැස්වීම අමතමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා. අතීතයේදී මෙරට තේ කර්මාන්තයේ පැවති සශ්‍රීකත්වය යළි උදාකරගත යුතු බවයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී සදහන් කළේ.

තේ කර්මාන්තය ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක පවතින ගැටලුකාරී තත්ත්වයන් පිළිබද තමන්ට අවබෝධයක් ඇති බවත් එබැවින් පොලී අනුපාතය ක්‍රම ක්‍රමයෙන් පහළ දැමීමට උත්සාහ කළ යුතු බවත් ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් සදහන් කළා.

Neth