Saturday, November 16, 2024
Follow Us
මත්පැන් බලපත‍්‍ර හිමි ප‍්‍රධාන සමාගම් නීති විරෝධී මත්පැන් නිෂ්පාදනයේ

300%කින් හොර අරක්කු වැඩිවෙලා


රට තුළ නීත්‍යනුකූල නොවන මත්පැන් 300% කින් වර්ධනය වී ඇති බව මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය ප්‍රකාශ කරයි. මෙම වර්ධනයෙන් 50%ක්ම නීතිවිරෝධී මත්පැන් බවද ඇමැතිවරයා පෙන්වාදෙයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය ශ්‍රී ලංකාවේ මත්පැන් භාවිතය පිළිබඳ සිදුකළ සමික්ෂණයක දත්ත උපුටා දක්වමින් ඇමැතිවරයා මෙම අදහස් පළකරන ලද්දේ පසුගිය සිකුරාදා(28) සුරාබදු නිලධාරින්ගේ වාර්ෂික සභා රැස්වීම අමතමිනි.

අදාළ වාර්තාවට අනුව 2004 සිට 2016 වසර දක්වා කාල සීමාව තුළ ශ්‍රී ලංකාවේ මත්පැන් කර්මාන්තය විශාල ලෙස වර්ධනය වී තිබුණද, එහි නීත්‍යනුකූල මත්පැන්වල වර්ධනය පෙන්නුම් කරන්නේ 50% ලෙස බවද ඇමැතිවරයා පෙන්වා දුන්නේය.

“මේ විදිහට සීයට තුන්සීයක් වර්ධනය වූ නීති විරෝධී මත්පැන් කියන්නේ අපි දන්න කියන කැලේ කොළේ බඩවැටියේ පෙරන ඒවා නොවෙයි. සුරාබදු බලපත්‍ර අරන් තියන අයත් මේ නීති විරෝධී මත්පැන් නිපදනවා.
මේ නීති විරෝධි මත්පැන්වලින් සුරාබදු ආදායම අහිමි වනවා. ව්‍යාපාරිකයන් විවිධ ක්‍රම උපයෝගි කරගෙන සුරාබදු ආදායම වසන් කරනවා. බ්‍රිතාන්‍ය ජාතිකයන් අපේ රට යටත් කරගැනීමට පෙර එක්දාස් අටසිය දහය වගේ කාල සීමාවක පටන් රජයේ ආදායමෙන් හතයි දශම හයක් අරන් තියෙන්නේ සුරාබදු ආදායමෙන්.
එවකට හිටිය බ්‍රිතාන්‍ය ජාතික ආදායම් කොමසාරිස් වරයා පවා ප්‍රකාශ කර තිබෙනවා අපිට බදු ලෙස උපයන ආදායමට වඩා විශාල ආදායමක් ව්‍යපාරිකයන් මේ තුළින් උපයන බව”.යැයි ඇමැතිවරයා කීය.

Aruna