Sunday, February 15, 2026
Follow Us
බන්ඩි පොහොර රැගත් පළමු නෞකාව ලබන මස අවසානයේ දී දිවයිනට

මහ කන්නයට අවශ්‍ය බන්ඩි පොහොර රැගත් පළමු නෞකාව ලබන මස අවසන් සතියේ දිවයිනට ළඟා වන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා. මෙට්ට්‍රික් ටොන් 40,000ක් අඩංගු එම නෞකාව පැමිණෙන්නේ ජර්මනියේ සිටයි.

කිලෝග්‍රෑම් 50කින් යුත් එම පොහොර මිටියක වටිනාකම රුපියල් 30,000ක් වනවා.

ආසියානු සංවර්ධන බැංකුවෙන් කෝටි 1,000ක මුදලක් ලැබීම හේතුවෙන් එම පොහොර මිටියක් රුපියල් 10,000ක මුදලකට ගොවීන්ට අලෙවි කරන බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය පැවසුවේ.

මේ අතර පසුගිය 26 වනදා කොළඹ වරායට ළගා වූ යූරියා පොහොර මෙට්ට්‍රික් ටොන් 12,500 ක් අඩංගු නෞකාවේ පොහොර තොගය අද සිට බෙදා හැරීමට නියමිතයි. ඒ, කොමර්ෂල් පොහොර හා ලංකා පොහොර සමාගම් වෙතයි.

යූරියා පොහොර රැගත් තවත් නෞකාවක් ලබන මසදී කොළඹ වරායට පැමිණීමට නියමිත බවද කෘෂිකර්ම අමාත්‍යාංශය වැඩිදුරටත් සදහන් කළා.

 

Neth