Sunday, February 15, 2026
Follow Us
යාල සිද්ධිය ගැන කඩිනම් පරීක්ෂණයක් සිදුකරන ලෙස ජනපතිගෙන් උපදෙස්

යාල ජාතික වනෝද්‍යානයට ඇතුළු වී වන සතුන්ට හිංසා වන පරිදි හා අනිසි ලෙස වාහන ධාවනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ පාර්ශව වෙත උපදෙස් ලබාදී තිබෙනවා.

යාල වනෝද්‍යානයේ ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ද ප්‍රශ්ණ කෙරුණු අතර ඊට ප්‍රතිචාර දක්වමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය අචාර්ය බන්දුල ගුණවර්ධන මේ බව කියා සිටියා.

Neth