Saturday, November 16, 2024
Follow Us
ඇණවුම් කළ ඖෂධ ලැබීමේ ප්‍රමාදයක්

රෝහල් තුළ ඖෂධ වර්ග රැසක හිඟයක්


ඇණවුම් කළ ඖෂධ තොගය මෙතෙක් දිවයිනට ගෙන්වා ගැනීමට ‍නොහැකි වූ බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

අදාළ ඖෂධ ඉන්දීය ණය අධාර වැඩසටහන යටතේ ඇණවුම් කළ ඒවා වන බවට තොරතුරු අනාවරණය වේ.

එහි ජ්‍යේෂ්ඨ නිලධාරි‍යෙකු පැවසුවේ ඇමරිකානු ඩොලර් මිලියන 50 ක වටිනාකමින් යුත් ඖෂධ වර්ග 1000 කට අධික සංඛ්‍යාවක් මෙමගින් දිවයිනට ගෙන්වා ගැනීමට සැලසුම් කළ බවයි.

එම කටයුතු ප්‍රමාද වීම හේතුවෙන් ඖෂධ වර්ග රැසක පවතින හිඟය මෙතෙක් මහ හැරවිමට නොහැකි වූ බව ද අමාත්‍යංශය ප්‍රකාශ කළේය.

එම අමාත්‍යංශය ප්‍රකාශ කළේ, ලෝක සෞඛ්‍ය සංවිධනයෙන් ද ඩොලර් මිලියන 4 ක ඖෂධ හා උපකරණ මෙරටට ලැබීමට නියමිත බවයි.

Aruna