කැසිනෝ ශාලා සදහා වාර්ෂිකව අය කෙරෙන බද්ද සියයට 150ක ප්‍රමාණයකින් වැඩි කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.
අද රුවන්වැල්ල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සදහන් කළේ රුපියල් මිලියන 200ක්ව පැවති එම බද්ද රුපියල් මිලියන 500 දක්වා ඉහළ දමා ඇති බවයි. මෙම බද්ධ ඉකුත් අගෝස්තු පළමුවෙනිදා සිට ක්‍රියාත්මක වන පරිදි පැනවූ බවද රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළා.
ශ්‍රී ලාංකිකයෙකු කැසිනෝ ශාලාවකට ඇතුල් වන්නේ නම් එම පුද්ගලයාගෙන් ඩොලර් 200ක ගාස්තුවක් අය කිරීමටද සැලසුම් කර ඇති බවයි රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පැවසුවේ. එමෙන්ම සජීවී ඔට්ටු සහ සූදු පොළක් සදහා වාර්ෂිකව අය කළ බද්ධ ලක්ෂ 6 සිට ලක්ෂ 10 දක්වා ඉහළ දැමීමටද ඉදිරියේදී කටයුතු කරන බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේ.
Neth