Saturday, November 16, 2024
Follow Us
විශ්වවිද්‍යාල කාල සීමාව ගැන අලුත් කතාව

රනිල්ගෙන් ප්‍රකාශයක්


විශ්වවිද්‍යාල පද්ධතියේ ප්‍රමාදය වළක්වා සිසුන්ට නියමිත කාලය තුළ අධ්‍යාපන කටයුතු අවසන් කිරීමට අවස්ථාව සලසා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

කොළඹ රාජකීය විද්‍යාලයේ ශිෂ්‍ය නායකයින් සමග පැවැති හමුවක දි ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

උපාධියක් ලබාගැනීමේ දී විදේශීය උසස් අධ්‍යාපනයට සාපේක්ෂව මෙරට විශ්වවිද්‍යාලවල වැඩිකාලයක් ගත වන බවට එහිදි එම සිසුන් පෙන්වාදී ඇති අතර එය පිළිගත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඒ පිළිබඳ විධිමත් පිළියමක් නුදුරේ දීම යෙදීමට පියවර ගන්නා බව ප්‍රකාශ කර තිබේ.

දේශීය විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ ඇති වටිනාකම ද ජනාධිපතිවරයා එම සිසුන් වෙත පැහැදිලි කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේය.

විශ්වවිද්‍යාල අධ්‍යාපනය ඉතා සුන්දර වන නමුත් නවක වදය හේතුවෙන් සිසුන් කායික හා මානසික පීඩාවන්ට ලක්වන තත්ත්වය ඉහළ ගොස් ඇති බව එහිදි පෙන්වාදුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඒ සඳහා වන විසඳුම් ඉදිරිපත් කිරිමට තමන් කටයුතු කරන බවද අවධාරණය කර තිබේ.

Aruna